Wednesday, June 26, 2019

නිදහස සොයන්නේ සියල්ල අල්ලාගෙනය
නමුත්,
නිදහස ලැබෙන්නේ සියල්ල අත් හල දාටය

Saturday, June 22, 2019

අම්මලාගෙ ලේ කොහොමද කිරට හැරුනෙ අම්මේ🙏🙏

නෙලුම් මලට පෙති සියයක් ලැබුනෙ කොහොම අම්මේ
මානෙල් මල් විලක පිපුනෙ මොන පිනටද අම්මේ
මුතු ඇට බෙල්ලෙකුගෙ බඩේ හැදුනෙ කොහොම අම්මේ
අම්මලාගෙ ලේ කොහොමද කිරට හැරුනෙ අම්මේ😥😘

Tuesday, June 18, 2019

මගේ තාත්තා 🙏

👑👑 😍තාත්තාගේ👑👑😍
ආදරය😍😍 නිතරම
පෙන්වන්නේ😌😌 නැ.
නමුත්
ඒ උතුම් හදවතේ
මහා සාගරය වගේ
ආදරය 😍😍😍
පිරිලා තියෙනවා. ඒත්
ගැබුරු මුහුද වගේ
නිහඬයි .ඒ තමයි
තාත්තාගේ👑👑 😍ආදරය😍😍😍

Saturday, June 15, 2019

මහින්දාගමනය සිදුවූ උතුම් පොසොන් පොහොය🙏


පොසොන් පෝය 
~~~~~~~~~~~~~

පොසොන් පසළොස්වක පෝය
පොසොන් මස පසළොස්වක 

වැදගත්කම 

මහින්ද තෙරණුවෝ ලක්දිවට වැඩමකරවීම සංස්කරණය
ප්‍රධාන ලිපිය: මහින්දාගමනය
හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි.ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි. මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි. තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද, ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

අමුත්තියක් පන්සලට ඇවිත්...💐💐


Saturday, June 8, 2019

මගෙ බුදු සාදූ


උතුම් අටපිරිකර පූජාව පිළිබඳව දැන ගනිමු🙏🙏

අට පිරිකර පූජාව :-

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.

තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්

01. දෙපට සිවුර (සංඝාටිය)
02.තනිපට සිවුර (උත්තරා සංඝ)
03.අඳනය (අන්තර වාසිකය)
04.පටිය (කාය බන්ධනය)
05. පාත්‍රය (පත්ත)
06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
07. ඉඳීකටුව (සුචි)
08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.

අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්‍ය උදාවන බවද සඳහන් වේ.

එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්‍යාග කර නොමැතිබව දැක්වේ.

ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.

අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

Saturday, June 1, 2019








සිතන්නට යමක්..


ජාතක පොත් වහන්සේ  තුළ ජාතක කථා පන්සිය පනහක් නොමැති  වූවේ මන්ද...

පන්සිය පනස් ජාතක පොත යයි ඉතා පෙර සිට පැවත වෙන විවහාරයෙනුත් සමන්ත පාසාදිකා, සුමංගලවිලාසිනී ආදී අටුවා වන්හි දැක්වූ  ගණන් නියමෙයෙනුත් ජාතක කතා පන්සිය පනහක් ඇතුළත් විය යුතුවුවද අපට දක්නට  ලැබෙනුයේ  එළු ජාතක පොතේ පන්සිය අටතිසක් ද පාලිජාතක අට්ඨ කතායෙහි කතා වස්තු වශයෙන්  පන්සිය සත්සාළිසෙකි.(547) කි.බුරුම  සියම් අකුරු වලින් රචිත ජාතක අටුවා පොත්වලද මෙරට දක්නට ලැබෙන සියලු  ජාතක පුස්කොළ පොත්  වල පාහේ ජාතක කතා තුනකගේ අඩුවක් දක්නට ලැබේ .මෙය  කාලාන්තරයෙන් වූ පිරිහීමක් යැයි ද සිතිය හැක. ආර්‍යශූරපාදයන්ගේ සංස්කෘත රචනාවක්වූ ජාතක මාලාවෙහි එන ව්‍යාඝ්‍රිජාතකාදි දෙතුන් ජාතක කෙනෙක් ජාතක අටුවා පොත්වල හෝ දක්නට නොලබේ.
           කාලාන්තරයෙ පිරිහීමක් ලෙස මෙසේ ගත්තද 1887 දී ගාල්ලේ කිතුලම්පිටියේ ආනන්ද  පරිවෙනාධිපති ව වැඩ සිටි වැලිවිටියේ  ධර්මරත්න  නායක ස්වාමිපාදයන් වහන්සේ  විද්‍යෝදය පිරිවෙනේ වෙසෙන කල්හි  උන්වහන්සේ ගේ සහායත්වයෙන් කොළඹ  කෞතුකාගාර යේ පුස්තකාලයේ දෙවනි තැන්පත් ඇන්.දොන් ඇම්ද සිල්වා වික්‍රමසිංහ මහතා විසින් උඩ පාත දෙරටේ බොහොමයක් විහාරස්ථාන වල තිබෙන සිංහල බුරුම  අක්ෂර වලින්  ලියන ලද පෙළ අටුවා බලා ජාතක පටුන කලාපයෙහි ජාතක කතා පන්සියකම නාම සදහන් කොට ඇත.එනමුදු  ඒ දෙපල විසින් බොහෝ  මහන්සියෙන්  සොයාගන්නා ලද්දේ නම් පමණක්ද යන්න ගැටලු සහගතය.
එසේම තවත් ආචාර්ය වරුන්ගේ මතයක් වන්නේ සතළිසෙන් අධික වූයේ  පනසය යන ගණනපථයෙහි වැටෙන හෙයින් " ඊසකං ඌනමධිකං වා ගණනපථං නො'පෙති" යනු න්‍යාය හෙයින් තුනකින් අඩුවුවද එය නොසලකා පන්සියපන්සක් ජාතකයෝය  යි කියනු ලැබෙති යනුයි.කෙසේ නමුදු  පාළි ජාතක අටුවාවෙහි ජාතක තුනක්ද එහිම සිංහල පරිවර්තනය වූ එළුජාතක පොතෙහි දොලොසක්ද අඩුවීම පිළිබඳ  කරුණු විමසිය යුතුය .එහිදී උක්තව කී "ජාතක පටුන " පිලිබඳ  යම් විමසීමක් කළ යුතුව ඇත.

රාමසරය(කෙටි කතාව)

         දැල්වෙමින්  තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...