Saturday, June 1, 2019


ජාතක පොත් වහන්සේ  තුළ ජාතක කථා පන්සිය පනහක් නොමැති  වූවේ මන්ද...

පන්සිය පනස් ජාතක පොත යයි ඉතා පෙර සිට පැවත වෙන විවහාරයෙනුත් සමන්ත පාසාදිකා, සුමංගලවිලාසිනී ආදී අටුවා වන්හි දැක්වූ  ගණන් නියමෙයෙනුත් ජාතක කතා පන්සිය පනහක් ඇතුළත් විය යුතුවුවද අපට දක්නට  ලැබෙනුයේ  එළු ජාතක පොතේ පන්සිය අටතිසක් ද පාලිජාතක අට්ඨ කතායෙහි කතා වස්තු වශයෙන්  පන්සිය සත්සාළිසෙකි.(547) කි.බුරුම  සියම් අකුරු වලින් රචිත ජාතක අටුවා පොත්වලද මෙරට දක්නට ලැබෙන සියලු  ජාතක පුස්කොළ පොත්  වල පාහේ ජාතක කතා තුනකගේ අඩුවක් දක්නට ලැබේ .මෙය  කාලාන්තරයෙන් වූ පිරිහීමක් යැයි ද සිතිය හැක. ආර්‍යශූරපාදයන්ගේ සංස්කෘත රචනාවක්වූ ජාතක මාලාවෙහි එන ව්‍යාඝ්‍රිජාතකාදි දෙතුන් ජාතක කෙනෙක් ජාතක අටුවා පොත්වල හෝ දක්නට නොලබේ.
           කාලාන්තරයෙ පිරිහීමක් ලෙස මෙසේ ගත්තද 1887 දී ගාල්ලේ කිතුලම්පිටියේ ආනන්ද  පරිවෙනාධිපති ව වැඩ සිටි වැලිවිටියේ  ධර්මරත්න  නායක ස්වාමිපාදයන් වහන්සේ  විද්‍යෝදය පිරිවෙනේ වෙසෙන කල්හි  උන්වහන්සේ ගේ සහායත්වයෙන් කොළඹ  කෞතුකාගාර යේ පුස්තකාලයේ දෙවනි තැන්පත් ඇන්.දොන් ඇම්ද සිල්වා වික්‍රමසිංහ මහතා විසින් උඩ පාත දෙරටේ බොහොමයක් විහාරස්ථාන වල තිබෙන සිංහල බුරුම  අක්ෂර වලින්  ලියන ලද පෙළ අටුවා බලා ජාතක පටුන කලාපයෙහි ජාතක කතා පන්සියකම නාම සදහන් කොට ඇත.එනමුදු  ඒ දෙපල විසින් බොහෝ  මහන්සියෙන්  සොයාගන්නා ලද්දේ නම් පමණක්ද යන්න ගැටලු සහගතය.
එසේම තවත් ආචාර්ය වරුන්ගේ මතයක් වන්නේ සතළිසෙන් අධික වූයේ  පනසය යන ගණනපථයෙහි වැටෙන හෙයින් " ඊසකං ඌනමධිකං වා ගණනපථං නො'පෙති" යනු න්‍යාය හෙයින් තුනකින් අඩුවුවද එය නොසලකා පන්සියපන්සක් ජාතකයෝය  යි කියනු ලැබෙති යනුයි.කෙසේ නමුදු  පාළි ජාතක අටුවාවෙහි ජාතක තුනක්ද එහිම සිංහල පරිවර්තනය වූ එළුජාතක පොතෙහි දොලොසක්ද අඩුවීම පිළිබඳ  කරුණු විමසිය යුතුය .එහිදී උක්තව කී "ජාතක පටුන " පිලිබඳ  යම් විමසීමක් කළ යුතුව ඇත.

No comments:

Post a Comment

රාමසරය(කෙටි කතාව)

         දැල්වෙමින්  තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...