" ලක්දිව ථේරවාද සම්බුද්ධ ශාසනය හොබවන වත්මන් මහනාහිමිපාණන් වහන්සේලා "
ශ්‍රී ලාකේය සම්බුද්ධ ශාසනය හොබවන මහ සංඝයා වහන්සේ ප්‍රධාන වංශයෙන් නිකාය තුනකට අයත් වෙති. එනම් පාර්ශ්ව අටක් සහිත සියම් (ශ්‍යාමෝපාලි ) මහා නිකාය , පාර්ශ්ව දෙවිස්සක් සහිත අමරපුර මහා නිකාය හා තවමත් එක් නිකායක් වශයෙන් පවත්නා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යනුවෙනි. ඒ අනුව ඒ ඒ පාර්ශ්වයට එක් මහනාහිමිපාණන් වහන්සේ බැගින් මහනාහිමිපාණන් වහන්සේලා තිස් එක් නමක් ලක්දිව වැඩ වාසය කරති. ඒ ඒ පාර්ශ්වයට හෝ නිකායට වෙන වෙන ම කාරක සභා සහිත සංඝ සභා පවත්නා අතර එහි අනුනායක , ලේඛකාධිකාරී , නියෝජ්‍ය ලේඛකාධිකාරී ආදී පදවි ඨානාන්තර පත් කැර ඇත. එසේම ඒ ඒ නිකායේ සම්ප්‍රදායන්ට අනුව වෙන වෙන ම උපසපදා කටයුතු සිදුකිරීම් , කෝරළ , පත්තු , පළාත්, මහදිසා ආදී වශයෙන් පළාත් නායක පදවි පත් කිරීම් ද සිදුකරනු ලැබේ. මේ ආදී වශයෙන් ඒ ඒ නිකාය හා පාර්ශ්වයන්ගේ ඒකච්ඡන්දයෙන් සම්මත කැර ගන්නා ලද ව්‍යවස්ථා , කතිකාවත් හා චිරාගත සම්ප්‍රදායන් පාදක කොට ගනිමින් නිකායික කටයුතු සිදුකරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහනාහිමිපාණන් වහන්සේලා සතර නම වශයෙන් මල්වතු පාර්ශ්වයේ මහනාහිමි , අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමි , අමරපුර මහා නිකායයේ මහනාහිමි හා රාමඤ්ඤ මහා නිකායයේ මහනාහිමි උත්තරීතරත්වයෙන් සලකනු ලැබේ.
සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි මෙන් ම ලෝකයෙහිත් තව තවත් සුදීප්ත කරන්නට , අතිගෞරවාර්හ මහනාහිමිපාණන් වහන්සේලාට ත්‍රිවිධ රත්නත්‍රයාශීර්වාද බලයෙන් කායික මානසික සුවතාවයත් , දීර්ඝායු සම්පත්තියත් ලැබේවා යි ආශංසනා කරම්හ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thursday, May 30, 2019
Subscribe to:
Post Comments (Atom)
රාමසරය(කෙටි කතාව)
දැල්වෙමින් තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...
-
වස්සාන සමය හෙවත් වස්සාන ලිය යනු ජුලි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්ඡේදයයි. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළ ම රැදී ...
-
සිවුරු පිළිබඳ දතයුතු කරුණු share තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් සංඝාටි උත්තරාස...
-
බෞද්ධ පැවිද්දේ අරමුණ විමුක්තියයි.එම නිසා ස්ත්‍රිපුරුෂ භාව හෝ ජාතිකත්වය පැවිද්දේ දී නොසැලකේ. එසේ වූව ද අන්‍ය ලබ්දිකයින් පැවිදි කරන්නේ නැත ...




No comments:
Post a Comment