ලක්දිව සම්බුද්ධසාසනය සුරකින ථේරවාදී සම්ප්‍රධායට අයත් වන ප්‍රධාන භික්ෂු නිකාය සම්ප්‍රදායන් ත්‍රිත්වයක් පවතී...එනම්
*මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකාය
*ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය
*ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය
වශයෙනි..මෙම නිකායන් ආරම්භ වූයේ ලක්දිවට මහණ උපසම්පදාව ලැබීමේ ඒ ඒ පිලිවලට හා ඒ ඒ දේශයේ නාමයට අනුවය..මේ අතරින් සියම් මහා නිකාය මල්වතු හා අස්ගිරි ලෙස අනු පාර්ශවයන් දෙකකින් යුතු වේ...සියම් දේශයෙන් උපසම්පදාව උපාලි තෙරුන් රැගෙන ඒමත් සමග මුල්ම නිකාය ලෙස සියම් උපාලී නොහොත් ශ්‍යාමෝපාලී මහා නිකාය ලෙස එය ස්ථාපිත විය..අමරපුර නිකාය පාර්ශව 22කින් පමණ යුතු වේ...මෙය අමරපුර දේශයෙන් උපසම්පදාව ගෙන ඒම නිසා අමරපුර මහා නිකාය ලෙස ලක්දිව ස්ථාපිත විය..ඉන්පසු විවිධ හේතු මත තෙවනුව රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව රැගෙන විත් රාමඤ්ඤ මහා නිකාය ලක්දිව ස්ථාපිත කරන ලදී..මෙම නිකාය තුල උප පාර්ශවයන් නොමැත..මෙම තුන් නිකායටම මහානායක ස්වාමීන්වහන්සේලා ඒ ඒ නිකායේ සංඝ සභා මගින් පත් කොටගෙන ඇත..
No comments:
Post a Comment