නිකිණි පුන් පොහොය දිනය බෞද්ධ අප කාටත් කිහිප ආකාරයකින් වැදගත් වේ. අප බුද්ධ ශාසනයේ, ශාසනික ප්‍රතිපත්තිවලට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට “වස්” එළඹීමට දින දෙකක් ඇත. එනම් “පෙර වස් හා පසු වස්” යනුවෙනි. මෙයින් පසු වස් එළඹෙනුයේ නිකිණි පොහොයටයි.
- කොසොල් නුවර “උදේනි” නම් වැසියකු වස් කල කළ ඇරයුමකට භික්ෂූන් නොවැඩිය වග රජගහ නුවර වැඩසිටි අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේට සැළවිය. භික්ෂූන් වහන්සේ නමක් වස් එළඹ සිටියද සතියක් ඇතුලත ආපසු පැමිණෙන අදිටනින් වස් සීමාවෙන් පිටතට යා හැකි බවට සැළෙන “සත්තා හකරණය” නම් වූ පනත අප බුදු පියාණන් විසින් දේශනා කරන ලද්දේ මෙම නිකිණි පොහොය දිනකදීය.
- සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිව්වන මස දෙවන දා එනම් නිකිණි මස අවදියවක්දා රජගහ නුවර “වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයේ” මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කළේද මෙම උතුම් නිකිණි පොහොය දිනයේය.
- මෙම උතුම් නිකිණි පොහොය දින සුදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ සම්බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සිටි “ආනන්ද තෙරණුවන්” අරහත් ඵලය ලැබීමයි. මෙය නිකිණි පොහොයදා අළුයම සිදු විය.
- බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කර ඇති සේරුවිල චෛත්‍යය තැනීම ඇරඹුනේද නිකිණි පොහෝ දිනකයි.
මෙලෙස නිකිණි පොහොය දින සියළු ලෝක සත්වයාට හිතසුව පිණිස යහපත පිණිස සිදුවූ සිදුවීම් මෙසේය🙏🙏🙏
🙏🙏🙏
ReplyDeleteබුදුසරණයි
ReplyDelete👌👌👌
ReplyDelete🙏🙏🙏🙏
ReplyDeleteබුදුසරණයි
ReplyDelete