Thursday, May 30, 2019

" ලක්දිව ථේරවාද සම්බුද්ධ ශාසනය හොබවන වත්මන් මහනාහිමිපාණන් වහන්සේලා "

ශ්‍රී ලාකේය සම්බුද්ධ ශාසනය හොබවන මහ සංඝයා වහන්සේ ප්‍රධාන වංශයෙන් නිකාය තුනකට අයත් වෙති. එනම් පාර්ශ්ව අටක් සහිත සියම් (ශ්‍යාමෝපාලි ) මහා නිකාය , පාර්ශ්ව දෙවිස්සක් සහිත අමරපුර මහා නිකාය හා තවමත් එක් නිකායක් වශයෙන් පවත්නා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යනුවෙනි. ඒ අනුව ඒ ඒ පාර්ශ්වයට එක් මහනාහිමිපාණන් වහන්සේ බැගින් මහනාහිමිපාණන් වහන්සේලා තිස් එක් නමක් ලක්දිව වැඩ වාසය කරති. ඒ ඒ පාර්ශ්වයට හෝ නිකායට වෙන වෙන ම කාරක සභා සහිත සංඝ සභා පවත්නා අතර එහි අනුනායක , ලේඛකාධිකාරී , නියෝජ්‍ය ලේඛකාධිකාරී ආදී පදවි ඨානාන්තර පත් කැර ඇත. එසේම ඒ ඒ නිකායේ සම්ප්‍රදායන්ට අනුව වෙන වෙන ම උපසපදා කටයුතු සිදුකිරීම් , කෝරළ , පත්තු , පළාත්, මහදිසා ආදී වශයෙන් පළාත් නායක පදවි පත් කිරීම් ද සිදුකරනු ලැබේ. මේ ආදී වශයෙන් ඒ ඒ නිකාය හා පාර්ශ්වයන්ගේ ඒකච්ඡන්දයෙන් සම්මත කැර ගන්නා ලද ව්‍යවස්ථා , කතිකාවත් හා චිරාගත සම්ප්‍රදායන් පාදක කොට ගනිමින් නිකායික කටයුතු සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහනාහිමිපාණන් වහන්සේලා සතර නම වශයෙන් මල්වතු පාර්ශ්වයේ මහනාහිමි , අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමි , අමරපුර මහා නිකායයේ මහනාහිමි හා රාමඤ්ඤ මහා නිකායයේ මහනාහිමි  උත්තරීතරත්වයෙන් සලකනු ලැබේ.

 සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි මෙන් ම ලෝකයෙහිත් තව තවත් සුදීප්ත කරන්නට , අතිගෞරවාර්හ මහනාහිමිපාණන් වහන්සේලාට ත්‍රිවිධ රත්නත්‍රයාශීර්වාද බලයෙන් කායික මානසික සුවතාවයත් , දීර්ඝායු සම්පත්තියත් ලැබේවා යි ආශංසනා කරම්හ.

🙏🙏🙏🙏🙏🙏🙏🙏
                                         



Wednesday, May 29, 2019

ලක්දිව සම්බුද්ධසාසනය සුරකින ථේරවාදී සම්ප්‍රධායට අයත් වන ප්‍රධාන භික්ෂු නිකාය සම්ප්‍රදායන් ත්‍රිත්වයක් පවතී...එනම්
*මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී  මහා නිකාය
*ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය 
*ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය
 වශයෙනි..මෙම නිකායන් ආරම්භ වූයේ ලක්දිවට මහණ උපසම්පදාව ලැබීමේ ඒ ඒ පිලිවලට හා ඒ ඒ දේශයේ නාමයට අනුවය..මේ අතරින් සියම් මහා නිකාය මල්වතු හා අස්ගිරි ලෙස අනු පාර්ශවයන් දෙකකින් යුතු වේ...සියම් දේශයෙන් උපසම්පදාව උපාලි තෙරුන් රැගෙන ඒමත් සමග මුල්ම නිකාය ලෙස සියම් උපාලී නොහොත් ශ්‍යාමෝපාලී මහා නිකාය ලෙස එය ස්ථාපිත විය..අමරපුර නිකාය පාර්ශව 22කින් පමණ යුතු වේ...මෙය අමරපුර දේශයෙන් උපසම්පදාව ගෙන ඒම නිසා අමරපුර මහා නිකාය ලෙස ලක්දිව ස්ථාපිත විය..ඉන්පසු විවිධ හේතු මත තෙවනුව   රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව රැගෙන විත් රාමඤ්ඤ මහා නිකාය ලක්දිව ස්ථාපිත කරන ලදී..මෙම නිකාය තුල උප පාර්ශවයන් නොමැත..මෙම තුන් නිකායටම මහානායක ස්වාමීන්වහන්සේලා ඒ ඒ නිකායේ සංඝ සභා මගින් පත් කොටගෙන ඇත..  
✍️✍️✍️✍️🍃🍃🍃🍃

අහන තරම් බුදු බන...ඒ අහපු ටිකම ඇති සංසාරයේ නිවන් දකින්න... 👉👉👉

ඒත් කොහේ නිවන් දකින්නද ?

☝️බන අහන තැනත් අනුන් ගැන විවෙචනය...
☝️එ අයගෙ කුනු සොයන, කෙනෙක් ගේ වැරදි දැක්කාම සමාජෙටම ඒක ප්‍රසිද්ධ කරන......

👉කොච්චර බන ඇහුවත් වැඩක් නෑ ....

👉බන තියෙන්නෙ ධාරමික ජීවිතයක් ගත කර පිං කර නිවන් දකින්න මිසක්...,

👉අහගෙන මතක තියගෙන විභාග කොල පුරවන්න වත්., සහතික අරන් නිවනට ගෙනියන්නවත්,,,අනිත් අයට තමන් නොයන මග පහදා දෙන්නවත් නෙවෙයි .....

👉එක නිසා තියෙන දහම ආරක්ෂා කරගෙන ශ්‍රද්ධාව පිහිටුවා ගන්න...
ඉතුරු වෙලා ඉන්න හිමි වරු ටිකවත් ආරක්ශා කරගන්න...

👉එයයි ගිහි ඔබ කල යුත්තේ... නො එසේනම් වැරදි සොයන එක නෙවෙයි.....

👉වැරදි හෙව්වා කියල වෙන සෙතක් නෑ තමන්ට.....

👉කෙනෙක් පව් කරයි ද, හෙතෙමේම විදවයි... එකට සහතික දෙන්න යන්න ඔනි නෑ....

👉මන්ද, ඔබ සුදනෙකු නොව...ඔක්කොම මිනිස්සු.....

🍃🍃🍃තෙරුවන් සරණයි🍃🍃🍃


රාමසරය(කෙටි කතාව)

         දැල්වෙමින්  තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...